ඔබට ඔබගේ අදහසකට නව නිර්මාණයක් කිරීමට අවශ්‍ය නම් මෙම පාඩම් මාලාව සහ ඒ සමග ඔබට ලැබෙන උපාංග කට්ටලය ඔබට ගොඩක් වැදගත් වේවි. ඔබ මීට කලින් ආර්ඩුයිනෝ ගැන ආසා ඇතැයි සිතමි. අසා නැතිනම් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති අතර මෙය භාවිතයෙන් ඔයාට නිර්මාණාත්මක ආර්ඩුයිනෝ ව්‍යාපෘති 30 කට අසන්න ප්‍රමාණයක් ලේසියෙන් ඉගනගන්න අවස්ථාව හිමි වන අතර එමගින් ඔබට ආර්ඩුයිනෝ  පිලිබදව හොද අවබෝධයක් ලබා ගත හැකිය.  

ආර්ඩුයිනෝ යනු පහසුවෙන් භාවිතා කළ හැකි hardware(දෘඩාංග) සහ software(මෘදුකාංග) මත පදනම් වූ විවෘත මෘදුකාංග (Open Source)  ඉලෙක්ට්‍රොනික් ෆ්ලැට්ෆෝම් එකක්. මෙය භාවිතා කර ඕනෑම කෙනෙකුට නව ව්‍යාපෘති, උපාංග නිර්මාණය කළ හැකියි. ආර්ඩුයිනෝ වලට කැමති බොහෝ පිරිසක් ලෝකයේ සිටි. ඒ වගේම අපේ රටෙත් ගොඩක් දෙනෙක් දැන් ආර්ඩුයිනෝ භාවිතා කරනු ලබන අතර ඔවුන් හැමදාම නව ගුණාත්මක විවෘත කේත (codes) හා පරිපථ(circuit) සකස් කිරීමට දායක වේ. එබැවින් අපගේ නිර්මාණශීලීත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා එම නිදහස් කේත සහ පරිපථ වඩාත් කාර්යක්ෂම විදියට භාවිතා කිරීමට අවස්ථාව හිමිවේ..

සාමාන්‍යයෙන් ආර්ඩුයිනෝ ව්‍යාපෘති කේත(programming code) සහ පරිපථ වලින් සමන්විත වේ. ඔබ කවදාවත් යම් කේත හා පරිපථය සමඟ කටයුතු නොකළේ නම්, ඒ ගැන වද වීමට අවශ්‍යය නැත. මෙම පාඩම් මාලාවෙන් ක්‍රමානුකූලව C ක්‍රමලේකන භාෂාව (programming language) සහ ඉලෙක්ට්‍රොනික් පිළිබඳ මූලික දැනුම හඳුන්වා දෙනු ඇත. එමගින් ඔබට පරිපථ නිර්මාණය කිරීම පහසු කරවන අතර මෙම උපාංග කට්ටලයට අවශ්‍ය සියලු ඉලෙක්ට්‍රොනික් components සහ මොඩියුල(Module) අඩංගු වේ. එමගින් ඔබට ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ අවස්ථාව හිමි වේ. ඔබට ඕනෑම මොහොතක ක්ෂණික සහ නොමිලේ තාක්ෂණික සහාය ලබා ගත හැකිය. මෙම පාඩම් මාලාව අලුතෙන් ආර්ඩුයිනෝ ඉගෙන ගන්න ඔබට එය ගොඩක් වැදගත් වේවි.

ආර්ඩුයිනෝ සඳහා Basic Starter kit එක  සැලසුම් කර ඇත්තේ ආර්ඩුයිනෝ ඉගන ගන්න ආරම්භ කරන ඔබටයි. මෙහි මිල අඩු අතර මුලිකවම ඔබට ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම්න් සම්බන්ධව හා  ඉලෙක්ට්‍රෝනික තාක්‍ෂණය පුර්ණ අධ්‍යයනයක් කළ හැකිය. එමගින්  ප්‍රායෝගික නව නිර්මාණ බවට හැරවීමට ඔබට එය උපකාරී වේ. මෙම කට්ටලය ආර්ඩුයිනෝ UNO R3 පුවරුව මත පදනම්ව පාඩම් සියල්ල ඉදිරිපත් කර ඇත. නමුත් ඔබට ආර්ඩුයිනෝ Mega හෝ Nano බෝර්ඩ් එකක් මගින් වුවද මෙම පාඩම් පෙළ අධ්‍යනය කළ හැකිය. ආර්ඩුයිනෝ සඳහා වන Basic Starter kit එක ඉලෙක්ට්‍රෝනික කොටස් රාශියකින් සමන්විත වන අතර එමඟින් ඔබට ඔබේම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ. එයට Breadboard. Jumper Cable, relay module, RGB LED, සංවේදක ගණනාවක් හා ප්‍රතිරෝධක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් වේ.

මෙය අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙම කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට හැකි අතර ඒ සදහා ඔබට අප වෙබ් අඩවියේ store එක භාවිතා කල හැකිය

Basic Starter Kit for Arduino (CH340)

Rs 5,450.00

  • How to program an Arduino microcontroller
  • Ways to interface Arduino with analog and digital sensors (detecting things like light, noise, or pressure)
  • How to use a software library to control motors, lights, sounds, and more
  • Arduino Visual Programming
  • Internet of things and Robotics
  • Build your own innovative project with Arduino
Read more

Basic Starter Kit for Arduino

Rs 6,950.00

  • How to program an Arduino microcontroller
  • Ways to interface Arduino with analog and digital sensors (detecting things like light, noise, or pressure)
  • How to use a software library to control motors, lights, sounds, and more
  • Arduino Visual Programming
  • Internet of things and Robotics
  • Build your own innovative project with Arduino
Categories: ,
Read more

මෙම පාඩම් මාලාවේ Basic Starter kit එක එකෙහි අඩංගු බහුලව භාවිතා වන සංරචක සහ නිබන්ධන සහිත විස්තරාත්මක පරිච්ඡේද 10 ක් ඇතුළත් වේ. ව්‍යාපෘති 25 කට වඩා ඉදිරිපත් කර ඇත., සෑම ව්‍යාපෘතියකම සවිස්තර පරිපථ සම්බන්ධතා රූප සටහනක් සහ සංකේත අර්ථ නිරූපණයක් ඇත.

මෙමගින් ඔබට මොනවද ඉගන ගන්න පුළුවන්?

  • ආර්ඩුයිනෝ මගින් මයික්රෝකොන්ට්‍රොලර් එකක් පාලනය කරන්නේ කෙසේද?
  • ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ ආර්ඩුයිනෝ සම්බන්ධ කිරීමේ ක්‍රම (ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම)
  • මෝටර, LED , Buzzer සහ තවත් දේ පාලනය කිරීමට Software library භාවිතා කරන්නේ කෙසේද?
  • ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් කරන ආකාරය.
  • Arduino සමඟ ඔබේම ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද?

මෙම කට්ටලයේ විශේෂතා

  • අංග සම්පූර්ණ උපාංග : ඔබට සොයා ගත හැකි වඩාත්ම ගැලපෙන ආර්ඩුයිනෝ කට්ටලයකි මෙහි විවධ ඉලෙක්රෝනික් හා අර්දුයිනෝ සම්බන්ධ සංරචක 100 කට වඩා අඩංගු වේ. එම ලිස්ට් එක මෙහි දක්වා ඇත.
  • වයර් කිරීමට පහසුය : සියලුම මොඩියුල පස්සා ඇති බැවින් ඒවා පහසුවෙන් එකිනෙක සම්බන්ධ කළ හැකිය
  • පහසුවෙන් භාවිත කල හැකිය : උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය
  • ඕනෑම කෙනෙකුට ගැලපේ : වෘත්තීය විද්‍යාගාර ඉංජිනේරුවන්, ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ඉගන ගන්නා සිසුන් සහ පළපුරුද්දක් ලෙස විනෝදාංශයක් විදියට නිර්මාණ කරන පරිශීලකයින් සඳහා, මෙම සංවේදක සමඟ විවිධ පරීක්ෂණ සහ අත්හදා බැලීම් කිරීමට මෙම කට්ටලය භාවිතා කළ හැකිය. නවක පරිශීලකයින් සඳහා, මෙහි ඉදිරිපත් කර ඇති අපගේ නිබන්ධනය අනුගමනය කර පියවරෙන් පියවර ඉගන ගත හැකිය.
  • අතේ ගෙන යා හැකි ආකාරයට පෙට්ටියක් තුළ අසුරා ඇත

පාඩම් මාලාව :

Indroduction to Arduino – ආර්ඩුයිනෝ හැදින්විම

ආර්ඩුයිනෝ වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම බෝර්ඩ් එකකම පරිපථ සටහන් ලබා ගැනීමට [...]

Read more
Arduino Lesson 02 – LED Blink කිරීම.

ඔබට ඔබගේ අදහසකට නව නිර්මාණයක් කිරීමට අවශ්‍ය නම් මෙම පාඩම් මාලාව සහ ඒ [...]

Read more
Arduino Lesson 03 – LED 10 ක් පාලනය කිරීම

අපි කලින් පාඩමේදී   Arduino UNO board එකක් භාවිතයෙන් LED 1 හා 2  පාලනය [...]

Read more
Arduino Lesson 04 – LED වල ආලෝක තත්ව පාලනය.

කලින් පාඩමෙන් අපි තීරු දර්ශකයක LED 10ක් blink කරන ආකාරය ගැන ඉගෙන ගත් [...]

Read more
Arduino Lesson 05 – Push Button මගින් LED බල්බ පාලනය.

මෙම පාඩමේදී අපි Push Button එකක් භාවිතයෙන් සිග්නල් එකක් ලබා දී LED එකක් [...]

Read more
Arduino Lesson 06 – Serial Communication

අපි කලින් පාඩමේදී push button එකක් හරහා LED එකකට අදාන(Input) සිග්නල් එකක් ලබා [...]

Read more
Arduino Lesson 07 – Analog Digital Conversion

ADC – Analog Digital Conversion ADC (Analog to Digital Convertors) භාවිතා කරන්නේ Analog [...]

Read more
Arduino Lesson 08 – Buzzer

මීට පෙර arduino UNO බෝර්ඩ් එක භාවිතා කොට ව්‍යාපෘති ගණනාවක් නිම කළ අතර [...]

Read more
Arduino Lesson 09 – Temperature Sensor

පෙරදී අපි ආලෝකය මඟින් පාලනය කළ හැකි පරිපථ පිළිබඳ ඉගෙන ගත් අතර මෙම [...]

Read more
Arduino Lesson 10 – Magnetic Reed Switch භාවිතා කිරීම

අපි මෙහිදී යම් උපකරණයක් ON  OFF කිරීම සදහා Magnetic Reed Switch එකක් භාවිතා [...]

Read more
One Channel Relay Module ආර්ඩුයිනෝ සමග භාවිතා කිරීම

උපාංග පිලිබද දැනුම සමහර විට ඔබට ආර්ඩුයිනෝ භාවිතයෙන් නිවසේ විදුලි ලාම්පු, විදුලි පංකා [...]

Read more
Arduino Lesson 12 – Automatic Fan Control System

මෙහිදී අපි බලමු temperature sensor එකක් මගින් ලබා ගන්නා දත්ත අනුව මෝටර් එකක් [...]

Read more

කතෘ හිමිකම

මෙම පාඩම් මාලාවේ සියලුම අයිතිය කතෘ සතුයි. මෙහි ඇති සියලුම පාඩම් තොරතුරු සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් වෙනත් වෙබ් අඩවි වල පළකිරීම, මුද්‍රණය කර බෙදාහැරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව සලකන්න.